එක දේකට එකක් නොව සියල්ලටම එකක්... සංක්‍රමණයෙන් ඉදිරියට... Edit-එඩිට් - Production

Header Ads Widget

Monday, August 5, 2019

නිගන්ටුව

අවශ්‍ය දේ නිගන්ටුව(ගැටපද විවරණය ලෙස හැදින් වෙන විවරණ වල මූලාරම්භය ලෙස  සැලකේ.ඇතැම් විට ගැටපද විවරණය ලෙසද නම් කර තිබිය හැක.)

ඇතැම් විට ඔබගේ නිවසේද පන්සලේද පිරිවනේද වැඩ කරන තැනද පාසලේද තිබිය හැක

අවුරුද්දක් පුරා මම මහන්සි වෙනවා ගුප්ත විද්‍යාව ගැන වගේම ඉපැරණි බෙහෙත් වට්ටෝරු ගැන.
ඒකේ ප්‍රතිපලයක් විධියට මට සුපිරිම වෙදෙකෙනෙක් හම්බෙනවා.එයා ගැන මම මොකුත්ම සදහනක් කරන් නෑ..ප්‍රසිද්ධියක් හෝ රුපියලකවත් මුදලක් බලාපොරොත්තු නොවී සත්තුන්ටයි මිනිස්සුන්ටයි බේත් කරන කෙනෙක්.
එයා මට ඒ සාස්තරේ දෙන්න කැමති උනා ගොඩාක් අයගේ ශුභ සිද්ධිය සදහා පමනක්ම.වැරදි දේවල් ලැබෙන් නෑ..මට ඒවා ඕනිත් නෑ.

ගොඩාක් පරණ පොත් කීපයක් ලැබිල තියෙනවා.අතට නොවේ පරිශීලනයට පමණක්.

කොහොම හරි ඒකේ තියෙන වටිනම මෑත හෝ අපි දන්න ඉතිහාසයක හදපු නැති බේත් පවා තියෙයි.මට ඒවා හදන්න ඕනි එයා එක්ක එකතු වෙලා.

ඒත් එක ප්‍රශ්නයක් තියෙයි.

ඒ බේත් වලට ගන්න ගස් වල නම් දැන් ගස් වල තියෙන නම් නෙවෙයි.වෙනස්ම වොධියට තියෙන්නේ.

උදා: වකුටු කටුසු පත්‍ර

ඉතිං මේ ගස් වලට අද කාලේ කියන නම හොයාගන්න ඕනි.ක්‍රමයක් තියෙයි.

නිගන්ටුව කියන්නේ අන්න ඒකට.

පාලි භාශාව ගැන ඔබ දන්නවානම් එහි වචන වලට අටුවා , ටීකා ,ටිප්පිලි විධියට ඉතිහාසයේ බෙදුන කැඩුන වෙනස් උන විධි එනවා.ඒකේ කෙලවරට කියන්නේ නිගන්ටුව කියල

හෙළයින්ටත් අන්න ඒවගේ කීපයක්ම තියේ.
සරස්වතී නිගන්ටුව කියන්නේ ඒවගෙන් එකක් විතරයි.ඒකේ තියෙන්නෙ ප්‍රදේශ නාම.

ඒත් මට ඕනි නිගන්ටුව ගස් වල පැල වල නම් තියෙන එක.අපට ඒක හොයා ගන්න පුලුවන් උනොත් අපට පුලුවන් වෙනවා මෙතෙක් බෙහෙත් සොයා නොගත්ත ලෙඩ වලට බෙහෙත් විතරක් නෙවෙයි රහස් වට්ටෝරු ගොඩාක් හොයාගන්නත්.

එහෙම කරල මැරුණ ඉතිහාසයකට පන දෙන්න අපට ආපහු පුලුවන් වෙනවා.

අවුරුද්දක්ම මහන්සි වෙලා පාදගන්න පුලුවන් උනේ පුංචි පොටයි.ඒත් ඔයාලගේ උදව් තියේනම් ඒක දිගේ ගිහින් ඉතිහාසය පීරන්න මට පුලුවන් වෙනවා.

ඉතිං මට ඔයාලගේ උදව් ඕනි.නිගන්ටුවක් සොයා දෙන්න.

තිබිය හැකි තැන්.

ඉපැරණි පන්සල්
ඉපැරණි වෙද මැදුරු
කට්ටඩි ඇදුරන්
රජ පෙලපතේ අය
පාරම්පරික නිවෙස් වල පෙට්ටගම් වල

අවශ්‍ය වන්නේ

නිගන්ටුවේ පහදා ඇති කොටස් වල ජායාරූප පමණයි.

මෙය පුස්කොල පොත් වලින් උපුටාගෙන පාරම්පරිකව මුද්‍රණය කොට තබා ගන්නා බවට ශාක්ශි තිබේ.අවසාන මුද්‍රණයක් 1960 දශකයේ තිබී ඇති බවට සැක ඇත.

ඇතැම් විට ඔබගේ නිවසේද තිබිය හැක.

No comments:

Post Top Ad

Pages